රත්නපුර දිස්ත්‍රික්කයේ කොළඳගල ග්‍රාම නිලධාරී වසමේ තරුණ ප්‍රජාවගේ රබර්(Hevea brasiliensis) වගාව කෙරෙහි ඇති ආකල්ප අධ්‍යනය කිරීමේ සිද්ධි අධ්‍යනය

සිද්ධි අධ්‍යනය

 

  1. හැඳින්වීම

 

රබර් වගාව ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ආර්ථිකයේ වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත. සමස්ත රබර් නිෂ්පාදනයෙන් දළ වශයෙන් 70% ක් පමණ කුඩා පරිමාණ වැවිලි කරුවන්ගෙන්  සමන්විත වේ. කෙසේ වෙතත් පසුගිය වසර කිහිපය තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ කොලන්දගල ග්‍රාම නිලධාරී වසමේ රබර් වගාවේ පසුබෑමක් දක්නට ලැබිණි. තරුණ පරම්පරාව රබර් වගාව කෙරෙහි දක්වන උනන්දුව හීනවීම සහ රිනාත්මක  ආකල්ප ඇතුලත්ව  ඔවුන් මුහුණ දෙන විවිධ අභියෝග මෙම වගාවෙන් ඉවත් වී වෙනත් විකල්ප ආර්ථික බෝග වලට යොමු වෙමින් පවතී .

 

මෙම හේතුන් නිසා මෙම ප්‍රදේශයේ  රබර් වගාවේ  තිරසාරභාවයට  තර්ජනයක් එල්ල වේ. එහි ආර්ථික හා කෘෂිකාර්මික වැදගත්කම තිබියදීත්, රබර් වගාව සම්බන්ධයෙන් මෙම ප්‍රදේශයේ තරුණයින්ගේ ආකල්ප අවබෝධ කර ගැනීම සඳහා කිසිදු සමීක්ෂණයක් හෝ සිද්ධි අධ්‍යයනයක් සිදු කර නොමැත.

 

මෙම අධ්‍යයනයේ අරමුණ වන්නේ රබර් වගාව සම්බන්ධයෙන් තරුණ තරුණියන්ගේ ආකල්ප කෙරෙහි බලපාන සංජානන, අභියෝග සහ ගැටළු  ගවේෂණය කිරීමෙන් මෙම ප්‍රදේශය තුල .  ගතිකත්වයන් අවබෝධ කර ගැනීම ධනාත්මක ආකල්ප වලින්  පෝෂණය කිරීම සහ මෙම ප්‍රදේශයේ  රබර් වගාවේ පැවැත්ම සහතික කිරීම සඳහා ඉතා වැදගත් වේ. මෙම ගැටළු වලට විසඳුම් සෙවීමෙන් මෙම අධ්‍යයනය රබර් වගාව  නැවත වගාවට ඇති බාධක හදුනා ගැනීමට ඉතා වැදගත් වේ. රත්නපුර දිස්ත්‍රික්කයේ කොළඳගල ග්‍රාම නිලධාරී වසමේ  තරුණ ප්‍රජාවගේ රබර්(heavea brasiliensis) වගාව කෙරෙහි ඇති ආකල්ප අධ්‍යනය කිරීමේ  සිද්ධි අධ්‍යනය ලෙස මාතෘකාව යොදාගන්නා ලදී.

 

 

  1. ගැටළු හඳුනාගැනීම සඳහා සාධාරණීකරණය

 

කොලන්දගල ග්‍රාම නිලධාරී වසමේ රබර් වගාව රබර් වගාවේ තරුණ පිරිස් රබර් වගාවට ඇති ප්‍රවණතාව අඩු වීමට  හේතු වූ මූලික කරුණු සොයා බැලීම සඳහා එහි තරුණ තරුණියන් මුහුණ දෙන අභියෝග හඳුනා ගැනීම ඉතා වැදගත් වේ. තරුණ සහභාගීත්වය අධෛර්යමත් කරන සාධක අවබෝධ කර ගැනීමෙන් ක්ෂේත්‍රය තුල නැවත වගා කිරීමට ඇති හැකියාව පිළිබද අධ්‍යනය කිරීමට මෙය පදනමක් ලෙස දැක්විය හැක.  මෙම අධ්‍යයනය මගින් තරුණ තරුණියන්ගේ ආකල්ප සහ සංජානන පිළිබඳ අවබෝධයක් ලබා දෙනවා පමණක් නොව ප්‍රදේශයේ  රබර් වගාවේ දිගුකාලීන ශක්‍යතාව සහතික කිරීම සඳහා තිරසාර විසඳුම් සඳහා පදනමක් ලෙස ගත හැක.

 

  1. අරමුණ

 

රත්නපුර දිස්ත්‍රික්කයේ කොළඳගල ග්‍රාම නිලධාරී වසමේ  තරුණ ප්‍රජාවගේ රබර් වගාව කෙරෙහි ඇති ආකල්ප අධ්‍යනය කිරීමේ  සිද්ධි අධ්‍යනයක් සදහා

  • තරුණ පිරිසගේ රබර් වගා සම්බන්ධ ආකල්ප විශ්ලේෂණය සදහා
  • ප්‍රදේශයේ පවතින ප්‍රධාන ගැටළු හඳුනා ගැනීම සදහා

 

  1. ක්‍රම වේදය

 

සිද්ධිය හදුනා ගැනීම එම සිද්ධියට අනුව අරමුණ සකසා ගැනීම  මුලික වශයෙන් සිදුකරයි

 


 

 

ක්ෂත්‍ර අධ්‍යනය  කිරීම

  • මේ සදහා තෝරා ගත් ප්‍රදේශය වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොළඳගල ග්‍රාම නිලධාරී වසම
  • ක්ෂත්‍රයේ දත්ත නොතිබූ බැවින් ප්‍රශ්නාවලිය සැකසීමට පෙර පුහුණු ප්‍රශ්නාවලියක් සකසා ඔවුන්ගේ වර්තමාන තත්වය පිළිබද තත්ව අධ්‍යනය කර ප්‍රශ්නාවලිය සකසන ලදී

දත්ත රැස් කිරීම

  • සම්භාවි නොවන (Non probability) යටතේ Purposive Sampling ක්‍රම වේදය  භාවිතා කරන ලදී.
  • වයස අවුරුදු 18-35 අතර තරුණයින්තරුණයින් 35 දෙනෙකුගේ මේ සදහා තෝරා ගන්නා ලදී.
  • තරුණයින් හට ව්‍යුහගත, බහුවරණ ප්‍රශ්න හා ලිකට් ප්‍රශ්න ලබා දෙන ලදී
  • මෙය මුහුණට මුහුණ සම්මුඛ පරීක්ෂනය සිදු කරණ ලදී.
  • එම අරමුණු වලට ගැලපෙන ප්‍රශ්න භාවිතයෙන් තොරතුරු රැස් කරණ ලදී

 

දත්ත විශ්ලේෂණය

 

  • නිවරදි ආකාරයට දත්ත විශ්ලේෂණය සදහා දත්ත ඇතුලත් කිරීම සහ දත්ත විශ්ලේෂණය Microsoft excel මෘදුකාංග මගින් සිදු කරන ලදී.
  • මෙහිදී සියලු දත්ත වට ප්‍රස්ථාර හා තීරු ප්‍රස්ථාර ලෙස ඉදිරිපත් කල හැකි ආකාරයට සැකසීම

 

 

  1. ප්‍රතිපල සාකච්චාව

 

සාමාන්‍ය තොරතුරු

 

 


 

මෙම අධ්‍යනයෙන් 74%ක ප්‍රමණයක් පිරිමි පුද්ගලයන් වේ. ඉතිරි  වන  ප්‍රමාණය ගැහැණු පුද්ගලයන් වේ.




මෙහිදී  18-22 නව තරුණ පිරිස් 9% ක ප්‍රමානයක් හා වයස අවුරුදු 33 - 35 අතර 51% ප්‍රමානයක් ගනී

33-35අතර වයස් ප්‍රමාණයේ පුද්ගලයන් වැඩි පිරිසක් නියෝජනය කරයි එය 51%         

මෙහිදී ශිෂ්‍යන් ලෙස සදහන් කර ඇත්තේ කාර්මික විද්‍යාල වල ඉගෙනුම ලබන පිරිස් වේ. 





මෙහිදී වැඩි පිරිසක් අ.පො.ස (සාමාන්‍ය පෙළ) දක්වා ඉගෙනුම් ලබා ඇත එය  66% වේ . දුර්වල අධ්‍යාපන මට්ටමක් සහිත පුද්ගලයන් නොමැති බව පෙනේ.


කෘෂි කාර්මික රැකියා 29% ප්‍රමානයක් ගනී වැඩි පිරිසක් කෘෂිකර්මික නොවන වෙනත් ක්ෂේත්‍ර වල රැකියා කටයුතු සිදුකරයි. රැකියා විරහිත ප්‍රමානය 14 % ක ප්‍රමානයක් ගනී. මෙහිදී ශිෂ්‍යන් ලෙස සදහන් කර ඇත්තේ කාර්මික විද්‍යාල වල ඉගෙනුම ලබන සිසුන් වේ.

සංජානන සහ ආකල්ප




 මෙම සිද්ධි අධ්‍යනය තුලින් 66%රබර් වගාව කෙරෙහි උනන්දුවක් දක්වන බව දක්නට ලැබුණි.

 

 


 

43% ක ප්‍රමාණයක් ඉහල අදායම් මාර්ගයක් බව පිළිගනී. මෙමගින් පැහැදිලි වනුයේ රබර් වගාව ඉතා හොද තිරසාර අදායම් මාර්ගයක් බවයි.

 

 


 

 රබර් වගාව කෙරහි කැමැත්ත සාමාන්‍ය මට්ටමක පවතී.

 

 


 


නවීන රබර් වගා ක්‍රම සම්බන්ධව දැනුම ඉතා අඩු මට්ටමක පවතී.

රබර් වගාවේ ප්‍රධාන අභියෝග ලෙස 

 

 

 

  • වර්තමාන ආර්ථික රටාවත් සමග රබර් සිටුවා වැඩි කාලයක් ආදයම් රහිත වීම ප්‍රධාන ගැටළුවක් සේ දැකිය හැක.
  • නව දැනුම හා කුසලතා නොමැති වීම පවුල් අභාෂයට පමණක් සීමා වීම
  • ශ්‍රම හිගය ට ප්‍රධාන හේතුව වන්නේ පවතින වර්ෂාපතනය හේතුවෙන් සෑම දිනකම  වැඩ නොමැති වීම හේතුවෙන් විකල්ප රැකියා වල නිරත වීම

 

 


 

 රජයේ වැඩ සටහන් ක්‍රියාත්මක වුවද මෙම ප්‍රදේශයේ ප්‍රදේශවාසින් වැඩසටහන් වලට යොමු වීමේ අඩු කමක් දක්වයි.

 



මෙමගින් පැහැදිලි වන්නේ රබර් වගාව  විධිමත් අධ්‍යපනයක් නොමැති බවයි.

 

 


 රබර් වගාව නිවැරදි ආකාරයෙන් කරගෙන යාමට අවශ්‍යතාවය ස්මතු වේ.

නිගමනය

කාලගුණ රටාවේ ඇති වෙනස්කම් දිනපතා රබර් වගාවේ නියැලීම බාධා පැමිණ ඇත. වසරේ වැඩි කාලයක් වැසි ඇද වැටීම හේතුවෙන් හා ගොවියාගේ මාසික අදායම ඉතා දුර්වල මට්ටමක පවතී ඒ හේතුවෙන් නව වගා ආරම්භ කිරීමට මිනිසුන් මැලිකමක්   දක්වයි.  මේවන විට තවද නිරන්තරයෙන් වෙළද පොළ මිල උච්චාවචනය වීම මිනිසුන්ට ආර්ථිකව ශක්තිමත් වීමට ගැටළු මතුවී ඇත. මෙම ප්‍රදේශයේ නව තරුණයින්ට නිසි පුහුණුවක් නොමැති වීමත් එක හේතුවක් වී තිබේ වැඩි පිරිසක් කිරි කැපීමට හුරු වී ඇත්තේ පවුල් අභාෂයෙන් ඉහත කරුණු හේතුවෙන් රබර් වගාවට  තරුණ පිරිස් යොමු වීමට   ඇති කැමත්ත  හා ධනාත්මක ආකල්ප අඩු වීමට හේතු වී ඇත.  එය මෙම ප්‍රදේශයේ  රබර් වගාවේ පැවැත්මට එය තර්ජනයක් වී ඇත. රබර් වගාවේ දිගුකාලීන ශක්‍යතාව සහතික කිරීම සඳහා, මෙම අභියෝගවලට මුහුණ දීමටත් තරුණ ගොවීන්ට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමටත් ඉලක්කගත ක්‍රියාමාර්ග අවශ්‍ය වන බව  නිගමනය කල හැක.

 

යෝජනා සහ අවශ්‍යතා

 කාලගුණික බලපෑම් නිසා ඇතිවන ගැටළු වට  විසදුමක් ලෙස වැසි ආවරණ සවි කිරීම  ඒ පිළිබද අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීම ඒ පිළිබද දැනුවත් කිරීම ආර්ථික ගැටළු වලට පිලියමක් ලෙස රබර් වගාවත් සමග අතුරු වගා ක්‍රම ගැන දැනුවත් කිරීම උදාහරණයක් ලෙස රබර් සමග කොකෝවා වගා කිරීම ඒ තුලින් අමතර අදායම් ලබා ගත හැකි වීම  රබර් සමග තේ වගා කිරීම වැනි විසදුම් වලට යා හැක. තරුණ පිරිස් වලට පුහුණුව ලබා දීම හා පුහුණු වැඩසටහන් පැවැත්වීම .

Reference


Department of Census and Statistics."National Tea, Rubber, Coconut Statistics." Department of Census and Statistics, Sri Lanka. Accessed December 1, 2024. https://www.statistics.gov.lk/Agriculture/StaticalInformation/Nati


Rubber Development Department. "Rubber Cultivation in Sri Lanka." Rubber Development Department. Accessed December 1, 2024. https://www.rubberdev.gov.lk/index.php?option=com_content&view=article&id=60&Itemid=165&lang=en.onal_TeaRubberCoconut

 

 


 . 

Post a Comment

0 Comments