FARM CRAFT NETWORK SL වෙත සාදරයෙන් පිළිගනිමු
මෙම වෙබ් පිටුව 2024 ඔක්තෝම්බර් මස 25 දින සිට අන්තර්ජාලට මුදාහරුණි. එදින සිට ඔබත් සමග කෘෂිකර්ම ක්ෂත්‍රයේ අත්දැකීම් බෙදා ගැනීමට මෙමගින් අවස්ථාව සලසා ඇත. මෙහි සම්පුරණ මෙහෙය වන්නේ උදිත කල්හාර හුනුවල , තුන්වන වසරේ ඉගෙනුම ලබන විශ්ව විද්යාල සිසුවෙකි. ලංකාවේ පාරම්පරික ගොවිතැනෙන් ඔබ්බට ගොස් නව තාක්ෂණ තොරතුරු ඔබත් සමග බෙදා ගැනීම මුලික අභිලාෂයයි .
මෙහෙවර (Mission)
අපගේ මෙහෙවර වනුයේ නවීන තාක්ෂණය සහ සාම්ප්‍රදායික කෘෂිකර්ම දැනුම සමබරව යොදා ගනිමින්, ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය වඩාත් කාර්යක්ෂම, ඵලදායී හා තිරසාර කිරීමයි. මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා
කෘෂි සංචාර අත්දැකීම් බෙදා හැරීම තුළින් ප්‍රයෝගික දැනුම ප්‍රවර්ධනය කිරීම.
නවීනතම කෘෂි තාක්ෂණය පිළිබඳ දැනුවත් කිරීම සහ භාවිතය දිරිමත් කිරීම.
කෘෂිකර්මාන්තයේ නවතම පුවත් සහ තොරතුරු සැපයීම.
දැක්ම (Vision)
තාක්ෂණයෙන් බලගැන්වුණු, දැනුමෙන් පෝෂිත, සහ තිරසාර කෘෂිකර්මාන්තයක් තුළින් ශ්‍රී ලංකාව ආහාර සුරක්ෂිතතාවෙන් ස්වයංපෝෂිත රටක් බවට පත් කිරීම අපගේ දැක්මයි. මේ සඳහා
ගොවි ප්‍රජාව අතර සහයෝගීතාවය හා දැනුම හුවමාරුව දිරිමත් කිරීම
පරිසර හිතකාමී හා ආර්ථික වශයෙන් ලාභදායී කෘෂිකර්ම භාවිතයන් ප්‍රවර්ධනය කිරීම.
පාරම්පරික කෘෂි ඥානය සහ නව තාක්ෂණය අතර සම්බන්ධතාවය ශක්තිමත් කිරීම.
නව පරම්පරාවේ තරුණ කෘෂි ව්‍යවසායකයින් බිහි කිරීම
0 Comments