කළු කුරුමිණියා හානිය

Colorful Editable Boxes - Blog Post

Welcome to My Blog - FARM CRAFT NETWORK SL

කළු කුරුමිණියා

ඔරික්ටස් රයිනෝසිරස් (Oryctes rhinoceros) යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන මෙම කළු කුරුමිණියා ලංකාවේ සියලු පොල් වගා කරන ප්‍රදේශ වල දැකිය හැකි පලිබෝදකයෙකි. සියලුම වයස් වල පොල් වගාවන්ට හානි කරන අතර මෙම හානිය බලපාන්නේ අවුරුදු 3-4 දක්වා පැල වලට පමණි විශාල ගස් වලට ගොක් අත්තක් අහිමි වීම පමණක් සිදු උනත්, ගොක් අත්තක් අහිමි යනු පොල් වල්ලක් අහිමි වීමත්, ඒ තුවාල උන ස්ථානයෙන් රතු කුරුමිණි හානිය පැමිණිය හැකි වීමත් නිසා අපට එය සුළු කර තැකිය නොහැක

හානියේ ස්භාවය

  • සුහුඹුල් කෘමියා මෘදු පටක තුළට ඇතුල් වී ළපටි කොටස් කා දමයි.

  • පතු දිග හැරීමේදී කතුරකින් කැපුවාක් මෙන් දක්නට ලැබේ.
  • පැළ වල වර්ධනය වන අතු විකෘති වීම හා හිරවීමෙන් ගොබය ඇල  වීම සිදුවේ.

download%20%281%29
image010
image012
.

යාන්ත්‍රික පාලනය

  •   කුරුමිණි කටුවක් මගින් ඉවත් කිරීම
  •   ගහේ තුවාල වුනු ස්ථාන සහ පැල කාලයේදී කඳට කළුතෙල් අලේප කිරීම
  • ගොබයට ආසන්න පිති වල කපුරු බෝල 2 බැඟින් කපුරු බෝල 06 ක් පමණ රදවා තැබීම
  •  පෙරමොන උගුල්

පාරිසරික පාලනය

  • පොල් පැලයේ වියලුනු කොටස් කපා ඉවත් කර පිලිස්සිම
  • කුණු ගොඩවල්, දිරාගිය ශාක කොටස්, වියලි ගොම ආදී කුරුමිණියන් බෝවිය හැකි ස්ථාන පාලනය කිරීම
  • පොල් පැලය වටා දමන වසුන් නිතර පරීක්ෂා කිරීම සහ කලකට වරක් පැරණි වසුන් ඉවත් කර අලුත් වසුන් දැමීම.

රසායනික පාලනය

  • පෙන්තොයිඩ් වැනි කෘමි නාශකයක් ගොබයට සහ කඳට ඉසීම
  • ජෙයිව පාලනය
  • Oryctes වයිරසය මගින්
  • Metarrhizium anisopliae මගින්පොල් වගාවේ කළු කුරුමිණි උවදුර පාලනය

සැකසුම - H.K.උදිත කල්හාර හුනුවල

Post a Comment

0 Comments