ගොවිපල සතුන්ගේ කුර කැපීමේ වැදගත් කම




 කුර කැපීම යනු සතුන්ගේ සෞඛ්‍යය හා ඵලදායිතාව පවත්වාගැනීම සඳහා අත්‍යවශ්‍ය කළමනාකරණ ක්‍රම වේදයකි. මෙය විශේෂයෙන් ගවයින්, බැටළුවන් හා එළුවන් වැනි කුර සහිත සතුන් සඳහා වැදගත් වේ. අධික ලෙස වැඩුණු කුර නිසා කොර ගැසීම, සතුන්ගේ අයහපත් හැසිරීම හා සතුන්ගේ ශරීරය දුර්වල වීම , සහ ඒ හේතුවෙන් ආහාර ගැනීම හා නිෂ්පාදනය අඩුවීම සිදුවිය හැකිය. නියමිත පරිදි කුර කැපීම මගින් ආසාදන, පහසුවෙන් ගමන් කිරීම , සහ සන්ධි මත ඇතිවන පීඩනය වැළැක්විය හැකි අතර එමගින් සත්ව සුභසාධනය හා සමස්ත ගොවිපළ කාර්යක්ෂමතාව වැඩිදියුණු කෙරේ.

මෙම පිළිවෙත සාමාන්‍යයෙන් මාස 3 කට වරක් සිදු කෙරේ. මෙය සත්ව විශේෂය, කළමනාකරණ ක්‍රම මත රඳා පවතී. කුර කැපීමේ සාර්ථකත්වය සඳහා පුහුණු සේවකයින් ,නිවැරදි උපකරණ, ක්‍රමවේද සහ ගොවිපල සේවකයින්ට කුරයේ  ව්‍යුහය පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබීම ඉතා වැදගත්

භාවිතා කරණ උපකරණ

Hoof knife    - කුර පිහිය භාවිතයෙන් අවිදිමත් ලෙස වර්ධනය වූ කුර කපා හැඩගැස්වීම,කුර සිදුරු වල ඇතුළුවූ අපද්‍රව්‍ය ඉවත් කිරීම

Hoof knife   





























Hoof nippers - කුර කතුර භාවිතයෙන් අවිදිමත් ලෙස ඝනට වර්ධනය වූ කුර කොටස් කපා ඉවත් කිරීම


                              Hoof nippers 


Clippers        - වැඩුණු කුර ඉක්මනින් හා ඒකාකාරව කැපීමට ක්ලිපර් භාවිතා කරයි.

Clippers        


Hoof rasp      - කුර කපා අවසන් වූ පසු මැදීම සිනිදු කිරීම සිදු කරයි.

                                                                                       Hoof rasp    







Iodine Solution - කුර කැපීමේදී තුවාල වුවහොත්  විෂබීජ නාශකයක් තිබීම ඉතා වැදගත් විෂබීජ හරණය  සදහා


Iodine Solution


Procedure

Step 1 - සත්වයාට ආතතියක් නොවන පරිදි සත්වයාව සුදානම් කිරීම හා හොදින් ආලෝකය ලැබෙන ස්ථානයක් තෝරා ගත යුතුයි සතාව චලනය නොවන පරිදි තබා ගත යුතුයි.

Step 2 - සතාගේ කුර හොදින් පරික්ෂා කල යුතුයි පරික්ෂා කර බාහිරින් තිබෙන අපද්‍රව්‍ය ඉවත් කල යතුයි අපද්‍රව්‍ය හේතුවෙන් අසාදන තිබේදැයි හොදින් පරික්ෂා කල යුතුයි

Step  3 - කුර කැපීම කුර පිහිය හෝ කතුර භාවිතා කර අපද්‍රව්‍ය සිදුරු පිරිසිදු කර whit line වන තෙක් එකාකාරීව සතාගේ ලේ ගැලීම් නොවන සේ  කපා ගත යුතුයි ඊට වඩා නොකැපීමට වග බලා ගත යුතුයි.

Step 4 - කුර කැපූ පසු රළු ස්භාවයක් පවතී රළු ස්භාවය හේතුවෙන් නැවත අපද්‍රව්‍ය රැදීමට හැකියාව පවතී තවද රළු ස්භාවය නිසා කඩතොළු හා සිදුරු නැවත ඇතිවිය හැක එම නිසා Hoof rasp ආධාරයෙන් සුමට කල යුතුයි.

Step 5 - කැපුම් හෝ තුවාල ඇත්දැයි පරික්ෂා කර කැපුම් ඇත්නම් එය ආසාදන ඇතිවිය හැකි නිසා විෂබීජහරණය කල යුතුයි.

 

අවිදිමත් කුර වර්ධනය වූ සතෙකුගේ ලක්ෂණ හා හැසිරීම

·         ඇවිදීම අඩු කිරීම

·         සතාගේ feed intake එක අඩු වීම

·         සත්වයාගේ ශරීරය කෙට්ටු වීම

·         සතාගේ නිෂ්පාදන හැකියාව අඩු වීම

·         අභිජනනයට ඇති බලපෑම

·         සත්වයා ආතතියට පත් වීම

කුර කැපීමෙන් පසු දැකිය හැකි හැසිරීම

·         සතාගේ ක්‍රියා කාරීත්වය වැඩියි

·         සතාගේ feed intake එක වැඩියි

 

සත්වයාගේ කුර කැපීමේදී සැලකිය යුතු කරුණු

·         අවශ්‍ය ප්‍රදේශ හඳුනාගෙන ඉවත් කල යුතු කොටස් පමණක් ඉවත් කල යුතුයි අනවශ්‍ය ලෙස නොකැපිය යුතුයි

·         කාර්යක්ෂමව හා හානි අවම කරමින් සිදු කිරීමට නම් කැපීම සදහා තියුණු කුර පිහි හෝ කතුරු භාවිතා කල යුතුයි

·         සතුන්ගේ කුර කැපීමේදී සංවේදී ප්‍රදේශ හා කුරයෙහි ව්‍යුහය ගැන හොද අවබෝධයක් තිබිය යුතුයි.

·         අසාදන හා තුවාල ඇත්නම් පිරිසිදු කිරීමෙන් පසු ප්‍රතිකාර කල යුතුයි

  කොර ගැසීම  වැළැක්වීම,සතුන්ගේ අවිධිමත් කුර වර්ධනය  සහ සතුන්ගේ ඵලදායිතාව හා සෞඛ්‍යය තහවුරු කිරීම සඳහා කුර කැපීම අත්‍යවශ්‍ය වේ. අධික වර්ධනය වූ කුර සතාගේ ගමන් කිරීමේ රටාව වෙනස් කර, සන්ධිවල ආතතිය හා හානි ඇති කළ හැකිය. ක්‍රියාවලිය සරල වුවද, නිවැරදි නොවන ක්‍රමවේද නිසා තුවාල, ලේ ගැලීම් හෝ ආසාදන ඇති විය හැකිය. එබැවින් පුහුණු පුද්ගලයින් විසින් කුර කැපීම සිදු කිරීම හෝ ගොවිපළ කාර්ය මණ්ඩලය නිසි ලෙස පුහුණු කිරීම වැදගත් වේ. නිසි උපකරණ භාවිතය හා ක්‍රියාවලිය පුරා සනීපාරක්ෂාව පවත්වාගැනීම මගින් සංකූලතා අවදානම අඩු කර ගත හැක.


Post a Comment

0 Comments